Thursday 4 November 2010

අරුමැසි පෙම

හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා

මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්

කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......


ආචාරිනී පී.ඒ.ඩී. ග්‍රේස් පොන්වීර
සා. සෙබස්තියන් මහා විද්‍යාලය
කඳාන

No comments:

Post a Comment