Showing posts with label ගුරු සුවඳ. Show all posts
Showing posts with label ගුරු සුවඳ. Show all posts

Thursday, 4 November 2010

අරුමැසි පෙම

හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා

මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්

කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......


Tuesday, 19 October 2010

ජය මග

දරාගෙන වඟකීම්
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව

ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න

මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න