Showing posts with label මැල්කම් කාදිනල් රංජිත්. Show all posts
Showing posts with label මැල්කම් කාදිනල් රංජිත්. Show all posts
Thursday, 28 October 2010
"අධ්‍යාපනය සමඟ අධ්‍යාත්මය"
වර්ෂ 2010ක් වූ ඔක්තොම්බර් 28 වූ අද දින කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ යැදුම් මැදුර උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.(යැදුම් මැදුරක් යනු කතෝලික ආගමික පාසල් තුළ සිසුන්ට යාච්ඤාව සහ ආගමික වතාවත් තුළින් තම අධ්‍යාත්මය දියුණු කරලීමට සාදන කුඩා දෙව්මැදුරකි.) මේ සඳහා කොළඹ පදවි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සහභාගී වූහ. එතුමා කාදිනල් ධූරය හිමි වීමෙන් පසු පාසලකට පැමිණි පළමු අවස්ථාව මෙය විය. මෙහිදී එතුමා විසින් පාසලේ යැදුම් මැදුරෙහි ප්‍රථම වරට දිව්‍ය පූජාව පතවනු ලැබූ අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපනයත් සමඟ අධ්‍යාත්මය වැඩි දියුණු කළ යුතු බවට එතුමා පැවසීය. තවදුරටත් පාසල ඇමතූ එතුමා රටට වැඩදායි දරුවන් පිරිසක් බිහි කීරීමට පාසල් මාතාවට හැකි වේවායි සුභාශිංශන එක් කළේය. එසේම විද්‍යාලයේ "සාරධර්ම යාය 2010" පොත් කළඹද අද දින එතුමාට පිළිගැන්වීය.
Subscribe to:
Posts (Atom)
