හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා
මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්
කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......
Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts
Thursday, 4 November 2010
Tuesday, 19 October 2010
ජය මග
දරාගෙන වඟකීම්
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව
ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න
මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව
ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න
මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න
Saturday, 9 October 2010
ගුරු සුවඳ
සබඳ අප හමුවෙලා
දොඩමළුව සැනසුණා
තුටු සිතක් නොමැති බව
තව දිනක හෙළි කළා
විඳවන්න ඇත තවත් බෝ දුරක්... දුෂ්කරය...
සුවඳ ඇති මල් අතර
විෂ ඇවුණු මල් කැකුළු පොඩිවෙලා හැකිලිලා
නොහැකි යැයි කරන්නට විකසිත
පවරමුද දොස දස දෙසට
නැත සබඳ
මහා සවියක් ලෙසින් දිස්වෙන
දසුනක් ඇත අප සතුව
නොසිතේ ද ඒ.. ගැන
වන්නට හැකිනම් ශිඛර කලාවක්
දැඩි හිරු රශ්මිය මුද කර පොවනට
ගුඟුලැල්ලක සිසිලස ගෙන දේනම්
මුඩු වී ගිය ඒ හිස් බිම් කතරට
අතුකොළ එළමින් පොහොර සදන්නට මහා රුකක් වී අසල රැඳෙන්නම්
සුවඳ සඟව ගත් පෙති විකසිත වී
රේණු පිරි පැණි බිඳු බේරෙන්නට
ඉඩක් නැතැයි පවසුනු හැකි කාහට
පිනි ඉසිණු මල් කැකුළු පිබිදෙන්න ඇත ඉඩක්
සුවඳවත් මල් ටිකක් මැදට වී තුටු සිතින්
ගැයෙන නිබ ඳව ම ප්‍රශස්තියේ මිහිර
පරයනවා සබඳ නැවුම් මල් සුවඳකින්
පිබිදෙන් නොහැකි වී පොඩිවෙලා ඇකිලිලා
ගිලිහෙන්න තිබූ මල්
නොදැනේවි ද?... අසීමිත සතුටක්
සබඳ අපි සමුගනිමු...
නිමේෂයක එක් දනක
හෙළමු සැනසුම් සුසුම්... දිගු විරාමයකට...
෴
෴
ආචාරිනී දයා
සා. සෙබස්තියන් මහා විද්‍යාලය
කඳාන
Subscribe to:
Posts (Atom)