Saturday, 11 January 2014

විකිපීඩියා පිටු

විකිපීඩියා යනු අති විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත ලොව විශාලම අන්තර්ජාල විශ්ව කෝෂයයි. මෙහි විශේෂත්වය ඕනෑම කෙනෙකුට එහි නොමිලේ ලියාපදිංචි වී තමන් කැමති මාතෘකාවක් ඔස්සේ තොරතුරු ඇතුලත් කර සංස්කරණය කල හැකි වීමයි. ඉංග්‍රීසියට පමණක් සීමා නොවී මෙහි සිංහල බස ඇතුළුව 200කට අධික භාෂා ප්‍රමාණයකින් විවිධ තොරතුරු ඇතුලත් වේ.
ඒ අනුව කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලය සඳහාත් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් විකිපීඩියාවේ පිටු දෙකක් සාදා ඇත.



මෙම පිටු සංස්කරණයට ඔබ සැමට ඇරයුම් කරමු.


විද්‍යාලය ගූගල් සිතියමට එක් වෙයි

ලොව ජනප්‍රියම අන්තර්ජාල සිතියම වන ගූගල් මැප්ස් වෙත අපගේ පාසලේ තොරතුරු ඇතුලත් කරන ලදී. ගූගල් මැප්ස් යනු Web 2.0 පරම්පරාවට අයත්  නිතිපතා යාවත්කාලීන වන නොමිලේ මාර්ගගත සිතියම් ලබා දෙන සේවාවකි. තවද චන්ද්‍රිකා ඡායාරූප වලින්ද සමන්විත වේ. ගූගල් මැප්ස් මේකර් ඔස්සේ ඕනෑම කෙනෙකුට මෙම සිතියම් වල පිහිටුම් හා ස්ථාන සංස්කරණය කල හැක. ඒ අනුව අපේ පාසල් භුමිය තුල ස්ථාන හා පිහිටුම්ද ඇතුලත් කරන ලදී.
ඔබටත් ගූගල් ගිණුමක් (Google Account) හිමි නම් මේ සඳහා දායක විය හැක.


විද්‍යාලීය වෙබ් අඩවිය

අපගේ වෙබ් අඩවිය පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙසේය.
  • වෙබ් ලිපිනය : www.ssc.sch.lk
  • ඩොමේන් නාමය සහ වෙබ් හොස්ටින් සේවාව සපයනුයේ School Net විසිනි. School Net යනු සියළුම රජයේ පාසල් සඳහා නොමිලේ වෙබ් සේවාවන් සපයන රාජ්‍ය ආයතනයකි. මෙහි .sch.lk යන අග කොටසින් School Net ජාලයට ඇතුලත් බව අඟවයි.
  • වෙබ් අඩවිය නිර්මාණයට ජනප්‍රිය අන්තර්ගත කළමණාකරණ පද්ධතියක්(CMS) වන Joomla 1.5 යොදාගෙන තිබේ. ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි(FOSS). ඔබ දකින වෙබ් ආකෘතිය Open Source Matters සතු Milky Way ආකෘතිය(Template) තව දුරටත් සංස්කරණය කරන්න ලද්දක් වේ. තවද දත්තපාදක මෘදුකාංගය ලෙස MySQL භාවිතා වේ.
  • තවද වෙබ් අඩවිය ඉංග්‍රීසි මෙන්ම සිංහල බසින්ද භාවිතා කළ හැකි අතර ඒ සඳහා JoomFish ප්ලගිනය යොදා ගනී. අඳාළ ජාතික කොඩි මත ක්ලික් කිරීමෙන් එසැණින් භාෂා පරිවර්තනය සිදු වේ.
  • බ්ලොග් අඩවියේ ලිපිනය  www.ssc.sch.lk/blog වන අතර එහි RSS Feed ලිපිනය sebastianite.blogspot.com/feeds/posts/default?alt=rss වේ. බ්ලොග් අඩවිය ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ ක්‍රියාත්මක වේ.
වෙබ් අඩවිය සහ බ්ලොග් අඩවිය ඉදිරියට පවත්වාගැනීම සඳහා ඔබ සැමගේ සහය බලාපොරොත්තු වෙමු.


SchoolNet Sri Lanka   

Tuesday, 31 December 2013

නිල බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු!


කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිල බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙහි අරමුණ විද්‍යාලීය තොරතුරු ඔබ වෙත ගෙන ඒම සහ ගුරුවරුන්ට සහ සිසුන්ට ස්ව-නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩ හසර වෙන් කිරීමයි. මෙම බ්ලොග් අඩවිය නොමිලේ ලබාදෙන ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ බලගැන්වෙන අතර සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා භේදයකින් තොරව ක්‍රියාත්මක වේ. මෙම අඩවියට www.ssc.sch.lk/blog හෝ sebastianite.blogspot.com යන ලිපින ඔස්සේ පිවිසිය හැකියි. මෙම බ්ලොග් අඩවියට ඔබගේ අදහස්/ප්‍රතිචාර පහලින් එක් කල හැකියි. ෴




Thursday, 4 November 2010

අරුමැසි පෙම

හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා

මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්

කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......