නුදුටු මා බෝලයයි පිත්තයි
නො ඇසූ හැංගිමුත්තම් හඬයි
නොකළ කොම්පිට්ටුයි පොල්පිති ගොනයි
ඇසුරු කළ බෝ මුලයි පොත් ගුලයි
ගත වැඩි සිප්සතර පිරීයයි
හතර වරිගයම මා නිසා නිවන්යයි
ලෙඩ ඇඳේ පියාණන් අසරණයි
සොයුරු කැල සිප් සතර අනාථයි
මා මෑණි මුළු දවස කඳුළු බොයි
සමුගනිමි හිමියනේ මා සිතත් අසරණයි
ආචාර්ය ඒ. සරත් අල්මේදා
සා. සෙබස්තියන් මහා විද්‍යාලය,
කඳාන
No comments:
Post a Comment