කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිල බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. මෙහි අරමුණ විද්‍යාලීය තොරතුරු ඔබ වෙත ගෙන ඒම සහ ගුරුවරුන්ට සහ සිසුන්ට ස්ව-නිර්මාණ ඉදිරිපත් කිරීමට ඉඩ හසර වෙන් කිරීමයි. මෙම බ්ලොග් අඩවිය නොමිලේ ලබාදෙන ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ බලගැන්වෙන අතර සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂා භේදයකින් තොරව ක්‍රියාත්මක වේ. මෙම අඩවියට www.ssc.sch.lk/blog හෝ sebastianite.blogspot.com යන ලිපින ඔස්සේ පිවිසිය හැකියි. මෙම බ්ලොග් අඩවියට ඔබගේ අදහස්/ප්‍රතිචාර පහලින් එක් කල හැකියි. ෴
Tuesday, 31 December 2013
Thursday, 4 November 2010
අරුමැසි පෙම
හැරගියා නොවෙයි ඔබ
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා
මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්
කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......
හැර යන තැනට මා
නොතැකුවා මතකයි මා
මොහොතකින් මොහොත
නාද වන දුරකථනයට
නිහඬය, සිත
කියන්නට නොහැකි ව
මා නිදහස් වූ බව
ඔබේ ප්‍රේමයේ දෘඪ බැම්මෙන්
කියන්නට නොහැකිව
පිදූ ප්‍රේමයට පමණක්
ප්‍රේම කරන බව
ඔබට වඩා.......
Thursday, 28 October 2010
"අධ්‍යාපනය සමඟ අධ්‍යාත්මය"
වර්ෂ 2010ක් වූ ඔක්තොම්බර් 28 වූ අද දින කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ යැදුම් මැදුර උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.(යැදුම් මැදුරක් යනු කතෝලික ආගමික පාසල් තුළ සිසුන්ට යාච්ඤාව සහ ආගමික වතාවත් තුළින් තම අධ්‍යාත්මය දියුණු කරලීමට සාදන කුඩා දෙව්මැදුරකි.) මේ සඳහා කොළඹ පදවි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සහභාගී වූහ. එතුමා කාදිනල් ධූරය හිමි වීමෙන් පසු පාසලකට පැමිණි පළමු අවස්ථාව මෙය විය. මෙහිදී එතුමා විසින් පාසලේ යැදුම් මැදුරෙහි ප්‍රථම වරට දිව්‍ය පූජාව පතවනු ලැබූ අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපනයත් සමඟ අධ්‍යාත්මය වැඩි දියුණු කළ යුතු බවට එතුමා පැවසීය. තවදුරටත් පාසල ඇමතූ එතුමා රටට වැඩදායි දරුවන් පිරිසක් බිහි කීරීමට පාසල් මාතාවට හැකි වේවායි සුභාශිංශන එක් කළේය. එසේම විද්‍යාලයේ "සාරධර්ම යාය 2010" පොත් කළඹද අද දින එතුමාට පිළිගැන්වීය.
Tuesday, 19 October 2010
ජය මග
දරාගෙන වඟකීම්
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව
ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න
මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න
සිප් සතර බෙදන්නට
පෙර පිනක් ලැබී ඇති
උතුම් ගුරු සේවාව
ඉවසීම, කරුණාව, මෛත්‍රිය
ප්‍රගුණ කර
ලබාගෙන පන්නරය
ගැටළු විසඳාගන්න
මාවතක් සකස් කර
ගමන නිවැරදි කරන
කියාදෙමු දරුවනට
ජීවිතේ ජය ගන්න
Thursday, 14 October 2010
නැවත එමි
නුදුටු මා බෝලයයි පිත්තයි
නො ඇසූ හැංගිමුත්තම් හඬයි
නොකළ කොම්පිට්ටුයි පොල්පිති ගොනයි
ඇසුරු කළ බෝ මුලයි පොත් ගුලයි
ගත වැඩි සිප්සතර පිරීයයි
හතර වරිගයම මා නිසා නිවන්යයි
ලෙඩ ඇඳේ පියාණන් අසරණයි
සොයුරු කැල සිප් සතර අනාථයි
මා මෑණි මුළු දවස කඳුළු බොයි
සමුගනිමි හිමියනේ මා සිතත් අසරණයි
නො ඇසූ හැංගිමුත්තම් හඬයි
නොකළ කොම්පිට්ටුයි පොල්පිති ගොනයි
ඇසුරු කළ බෝ මුලයි පොත් ගුලයි
ගත වැඩි සිප්සතර පිරීයයි
හතර වරිගයම මා නිසා නිවන්යයි
ලෙඩ ඇඳේ පියාණන් අසරණයි
සොයුරු කැල සිප් සතර අනාථයි
මා මෑණි මුළු දවස කඳුළු බොයි
සමුගනිමි හිමියනේ මා සිතත් අසරණයි
Subscribe to:
Posts (Atom)
